Jump to content

සුරේඛා සික්රි

විකිපීඩියා වෙතින්
සුරේඛා සික්රි
සෝනිහි මා හුවමාරු වැඩසටහන දියත් කළ දින සුරේඛා සික්රි
උපත
සුරේඛා සික්රි

19 අප්‍රේල් 1945 (1945-04-19) (වයස 79)
ජාතිකත්වයඉන්දියානු
සක්‍රීය වසර1978–වර්තමානය
ආගමහින්දු ආගම

සුරේඛා සික්රි හෙවත් සුරේඛා සික්රි රෙගේ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ රූපවාහිනී නිළියකි. හින්දි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කෘතහස්ත රංගන ශිල්පිණියක වන ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1978 දේශපාලනික නාට්‍යමය චිත්‍රපටයක් වූ කිසා කුර්සි කා ඔස්සේ ය. අනතුරුව ඇය හින්දි සහ මලයාලම් චිත්‍රපටවල මෙන්ම ඉන්දියානු සෝප් ඔපෙරා ගණනාවකට සහාය රංගනයෙන් දායකත්වය සපයා ඇත.

සික්රි ඇය රංගනයේ යෙදුණු තමාස් (1988) සහ මම්මෝ (1995) යන චිත්‍රපටවල චරිත වෙනුවෙන් හොඳම සහාය නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දෙවරක්ම හිමි කරගෙන තිබේ. 2009 වර්ෂයේ දී ඇය බාලිකා වධු නැමැති අතිශය ජනප්‍රිය ‍සෝප් ඔපෙරාවේ ඇය නිරූපණය කළ චරිතය වෙනුවෙන්, ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය හිමි කරගත්තා ය‍. එම වැඩසටහන වෙනුවෙන්ම 2011දී ඇය සහාය චරියක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද හිමි කරගත්තා ය. මීට අමතරව, 1989දී හින්දි වේදිකා රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් ඇයගේ දායකත්වය උදෙසා ඇයට සංගීත් නාටක් ඇකඩමි සම්මානය ද පිරිනැමිණි.

මුල්කාලීන දිවිය සහ පසුබිම

[සංස්කරණය]

සික්රි අයත් වූයේ උත්තර් ප්‍රදේශයට වන අතර ඇය ඇගේ ළමා විය ගත‍කළේ ඇල්මෝරා සහ නයිනතාල් හි ය. සිය වේදිකා රංගන වෘත්තිය ආරම්භ කරමින් ඇය අලිගාර්හි අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ GEC වෙත සහභාගී වූවා ය. පසුව ඇය 1968දී, ජාතික නාට්‍ය පාසලෙන් (NSD) සිය උපාධිය හැදෑරූවා ය.[1] මුම්බායිහි පදිංචියට යාමට පෙර ඇය NSD සමූහ සමාගමක දශකයක පමණ කාලයක් සේවය කොට තිබේ. ඇගේ පියා ගුවන් හමුදාවේ සේවයේ නියුතු වූ අතර, ඇ‍ගේ මව ගුරුවරියක වූවා ය. හේමන්ත් රෙගේ සමග විවාහ වූ ඇයට රාහුල් සික්රි නමින් පුත්‍රයකු වේ. මුම්බායිහි ජීවත් වන රාහුල් සික්රි කලා ශිල්පියකු වේ.[2][3] 2009 ඔක්තෝබර් 20 දින හෘත් අකරණියක් හේතුවෙන් ඇගේ සැමියා වූ හේමන්ත් රෙගේ අභාවප්‍රාප්ත විය.[4] සුරේඛා සික්රි 1989 සංගීත් නාටක් ඇකඩමි සම්මාන ලාභිනියක ද වේ.[5] 2008 දෙසැම්බර් මස ඇයට "ඍණාත්මක චරිතයක හොඳම නිළිය" යන සම්මානය හිමි වූයේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ රංගනය වෙනුවෙන් 2008 IDEA ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී ය.

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

ප්‍රකට නළුවකු වන නසීරුද්දින් ෂා ඇගේ හිටපු මස්සිනා විය. එයට හේතුව ඔහුගේ පළමු විවාහය ඇගේ අර්ධ-සොයුරිය වන මනාරා සික්රි සමග සිදුවීමයි. මේ නිසා ඔවුන් දෙපළගේ දියණිය වන හීබා ෂාගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය සුරේඛා සික්රි වේ. බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ සික්රි විසින් රඟපෑ ආච්චිගේ චරිත‍යේ ළමා විය නිරූපණය කරන ලද්දේ හීබා විසිනුයි.[6]

රූපවාහිනිය

[සංස්කරණය]

වර්තමාන

පැරණි

චිත්‍රපට දායකත්වය

[සංස්කරණය]

සම්මාන

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ NSD Graduates, https://www.nsd.gov.in/Annual_Report_2005-06.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-04 
  2. ^ "Biography". Matpal. 2018-09-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  3. ^ "Acting has no age limit: Surekha Sikri". The times of India.
  4. ^ Surekha Sikri at ScreenIndia සංරක්ෂණය කළ පිටපත 2007-10-26 at the Wayback Machine yes
  5. ^ Drama - Acting සංරක්ෂණය කළ පිටපත 2008-11-06 at the Wayback Machine Sangeet Natak Akademi Award Official listing.
  6. ^ Did you know why Heeba Shah agreed to play the role of the young Daadisa? tellychakkar.com. 17 August 2009
  7. ^ ලිට්ල් බුද්ධා#චරිත නිරූපණය
  8. ^ Surekha Sikri Channel 4.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සුරේඛා_සික්රි&oldid=727170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි